Gossips

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර එල්චැපෝ වරදකරුවෙයි

මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජොයැකිංග් ගුස්මන් හෙවත් එල්චැපෝ නිව්යෝක් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැරදිකරුවෙකු වී තිබෙනවා.
කොකේන් සහ හෙරොයින් ඛෙදා හැරීම, නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 10 ක් ගොනු කර තිබූ අතර, ඒ සියල්ලටම ඔහු වැරදිකරු බවයි අධිකරණය තීරණය කළේ.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
2016 වසරේදී මෙක්සිකෝවේ බන්ධනාගාරයකින් මොහු පැනගොස් තිබුණේ මාස 5ක පමණ කාලයක් තිස්සේ සකස් කළ උමඟක් භාවිතා කරමින්.
ඇමරිකාවට මත්කුඩු සපයන ප්‍රධාන ජාවාරම්කරු වන මොහු පසුව අත්අඩංගුවට ගැණුනු අතර එහිදී මෙක්සිකෝ බලධාරින් තීරණය කළේ සැකකරු ඇමරිකාවට පිටුවහල් කිරීමටයි.