Gossips

රැකියා විරහිත උපාධිධාරින් පිරිසකට ජල සහ කඳුළු ගෑස්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් කොළඹ – කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කළ අතර, පසුව පාගමනින් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමටයි උත්සාහ කළේ.
කෙසේ වෙතත්, ලෝටස් වටරවුම අසලදී එය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගනු ලැබුවා.
විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ද මේ වනවිට වසා දමා තිබෙනවා.rnrn