Gossips

ලාදුරු රෝගීන්ගෙන් සියයට 10 ක් ළමයින්

දිවයින පුරා වාර්තා වී ඇති ලාදුරු රෝගීන් අතුරින්, සියයට 10 ක පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවට හෙලි වී තිබෙනවා.
ඒ අතරින්, වැඩිම ළමා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින් බවයි ලාදුරු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ කියා සිටියේ.
පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 1683 දෙනෙකු පමණ වාර්තා වී තිඛෙනවා. රෝග ලක්ෂණ මතුවීමත් සමඟ ලාදුරු රෝගයට ප්‍රතිකාර ලබා ගත යුතු නමුත්, මාස 6 කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 30 දක්වා ඉහළ ගොස් ඇති බවයි ලාදුරු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.