Gossips

ලොවක් සංවේදී කළ එක දිනකින් ලෝකප්‍රසිද්ධ වූ පුංචි පුතා වෙත යළිත් ලෝකයේම අවධානය

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ ක්‍රීඩකයින් හා ක්‍රීඩක බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අන්දමින් නිමාව දුටු බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
ඒ වගේම මුළු ලෝකයම කතා කළ ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතයේ සම නායකත්වය දැරූ 7 හැවිරිදි ආර්චි ශිලර් ද ඊට සහභාගී වීම විශේෂත්වයක් වී තිබුණා. ඔහුව දුටු බොහෝ දෙනෙක් ඊයේ දින සතුටු වී ඇත්තේ දෙනෙතට සතුටු කදුළු එක්කරගනිමින් බවත් සදහන් වෙනවා.
ඊට හේතුව හදවත් රෝගයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක හිටි ආර්චි සිදු කළ සැත්කමෙන් අනතුරුව මිය ගිය බවටත් රාවයක් පැතිරුන නිසයි. කොහොම නමුත් ඔහු දැන් සුවයෙන් ඉන්න බව ඊයේ දින බොහෝ දෙනෙක්ට දැනගන්න ලැබුණා.
එම සම්මාන ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්