Gossips

එක්ව සිටිමු ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

"එක්ව සිතන්න – එක්ව හැදෙන්න" තේමාව යටතේ 71 වෙනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු එකට සිටිමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොටුව – ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා.
සියලූ දේශමාමක බලවේග එකට එක් කරගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධාන කරන අතර, සංස්කෘතික දැක්මකින් සහ යුද හමුදා තූර්යවාදන, ආබාධිත රණවිරු දස්කම් ඇතුලූ විවිධ සංස්කෘතික අංග රැසකින් එහි සමාරම්භක අවස්ථාව වර්ණවත් වුණා.
එහිදී එකට එක්ව යන ගමනට සියලූ ශ්‍රී ලාංකිකයන් එක්සත්ව, එක්සිත්ව එක්වන බව සපථ කරමින් "එකට සිටිමු" සන්දේශය මෙහිදී ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුලූ පිරිස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
එකට සිටිමු ක්‍රියාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන වෙත පිළිගැන්වීම සිදුවූයේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතින්.rn