Gossips

සියල්ලන් පුදුම කරමින් එක්වරම කඩාපැනපු සිංහයෙක් ගමක් කළඹපු හැටි මෙන්න

සියල්ලන් පුදුම කරමින් එක්වරම කඩාපැනපු සිංහයෙක් ගමක් කළඹපු හැටි මෙන්න "
ගමක් කළඹමින් ඒ හදිස්යේම කඩා වැදුණු සිංහයෙකු ඒ මේ අත දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
බටහිර ඉන්දියාවේ පෝබන්දාර් දිස්ත්‍රික්කයේ කුඩා ගම්මානයක මෙම සිදුවීම වී ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
එහිදී එක්වරම ගම්වැදී ඇති මෙම සිංහයා දිව යන අයුරු ගම්වාසීන් විසින් සිය ජංගම දුරකථන මගින් රූගත කර අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
කෙසේ වෙතත් සිංහයාගෙන් ගම්වාසීන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
එම අවස්ථාවේ ජංගම දුරකථනයේ සටහන් වූ දර්ශන පෙළ පහතින්.