Gossips

රොයිස්ගෙන් එජාප පක්ෂ නායකත්වයට චෝදනා

මීගමුව ආසනය සඳහා නව සංවිධායකවරයෙකු පත්කිරීමේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය අනුගමනය කළ ක්‍රියාපටිපාටිය කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බවට මීගමුව එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු චෝදනා කරනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමා සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් පෙන්වීමට පක්ෂයට හැකි නොවූ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පෙරේදා පත් කෙරුණා.
එම පත් කිරීම සම්බන්ධයෙන් හිටපු ආසන සංවිධායක සහ මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සිය විරෝධය පළ කළා.
rnrnrn