Gossips

අසරණ රණවිරු පවුල්වලින් මුදල් රැස්කළ රාජ්‍ය නොවන සංවිධානයේ පිරිසක් අත්අඩංගුවට

මියගිය හා ආබාධිත රණවිරු පවුල් සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බව පවසමින් මුදල් එක් රැස්කළ එප්පාවල, අධිරාණිගම රාජ්‍ය නොවන සංවිධානයේ පිරිස තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත්තා.
ඒ හිරු සී.අයි.ඒ.හරහා අදාල සිද්ධිය පිළිබද වාර්තා කිරීමෙන් අනතුරුවයි.
අනුරාධපුර , එප්පාවල, අධිරාණිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව හිමිකම් හා ස්වාභාවික සම්පත් සුරැකීමේ ජාතික සංවිධානය නම් කාර්යලයක් මගින් කලක සිට මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ තොරතුරු ලබා ගෙන තිබුනා.
එක් රණවිරුවෙකු සදහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් තුන්දහසක මුදලක් අයකර තිබුනේ ඒ සදහා ලදුපතක් හෝ ලබානොදෙමින්.