Gossips

චමින්ද විජේසිරි තවමත් පොලීසියට ඉදිරිපත්වී නැහැ

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනා එල්ල වූ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට තවමත් හැකිවී නැහැ.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කතානායකවරයාගෙන් කළ ඉල්ලීමට අවසර ලැබී තිබූ අතර, ඔහු අද දිනයේ පොලීසියට ඉදිරිපත් වන බවට දැනුවත් කර තිබුණා.
ඔහු මෙතෙක් පොලීසියට නොපැමිණි බවයි බණ්ඩාරවෙල පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු මන්ත්‍රීවරයාගේ රියදුරාද තමාට ද පහරදීමක් සිදුවූ බව සඳහන් කරමින් බණ්ඩාරවෙල රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර, ඔහු අද බදුල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි පොලීසිය පැවසුවේ.