Gossips

හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව් දෙනෙකු පොලිසියට කොටු වූ හැටි

වත්තල, මහබාගේ ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව් දෙනෙකු මහබාගේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමේදී අදාළ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10.15 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 150ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අදාළ මෙහෙයුම සිදුකරන අවස්ථාවේදී ප්‍රධාන සැකකරුගේ ඥාතීන් විසින් සිද්ධිය වීඩියෝගත කර තිබෙනවා.