පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
ඒ, ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි.
එහිදී ඔහුගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් තමන්ට හිසරදයක් වැළඳුණු බව පවසමින් ඔහු කොමිසන් සභාවෙන් පිටව ගිය බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර ප්රශ්ණගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මහමොළකරුවන්ට නඩු පැවරීමට කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.