Gossips

හැමෝම බලන් ඉද්දී 1 වසරේ සිට පුංචි වැඩකාරයෝ දාපු සුපිරි සෙල්ලම

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් කරාතේ ක්‍රීඩාවෙන් දස්කම් දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
මෙලෙස සිය දක්ෂතා පෙන්වන දරු දැරියන් පිළිබඳව අප හිරු පුවත් තොරතුරු සොයා බැලුවා.
මෙලෙස මව්පියන් සහ තම ගුරුවරුන් ඉදිරියේ දසකම් දක්වන්නේ රණාල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියන් පිරිසක්.
ඒ අතර වයස අවුරුදු 6 ක පමණ දරුවන් දේ සිටීම විශේෂත්වයක්.
ඔවුන් සිය පාසලේ පසුගියදා පැවති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදීයි මෙලෙස සිය දස්කම් දක්වන්නේ.
පාසලේ විදුහල්පතිනිය PNM මොහොට්ටාල මහත්මියගේ උපදෙස් මත කරාතේ පුහුණුකරු විශ්මික දසනායක මහතාගෙන් ඔවුන් පුහුණුව ලබා තිබෙනවා.
වසර 25ක් තිස්සේ කරාතේ ක්‍රීඩාවම සිය ජීවිතය කරගත් කරාතේ පුහුණුකරුවෙකු වන විශ්මික දසනායක මහතා අප සමඟ පැවසුවේ අනාගත අභියෝගයන්ට වත්මන් දූ දරුවන් සැකසීමට නම් ඔවුන් කුඩා කළ සිටම කුමන හෝ ක්‍රීඩාවකට යොමුවිය යුතු බවයි.
තමන් එම වගකීම මහත් උනන්දුවකින් සහ කැපවීමකින් සිදුකරන බව පැවසූ විශ්මික දසනායක මහතා පැවසුවේ විවිධ ක්‍රීඩා අතර කරාතේ ක්‍රීඩාව විශේෂ වන බවයි.
කුඩා දරුවන් කරාතේ ක්‍රීඩාව සඳහා යොමුකිරීමට මව්පියන් තුළ ඇති බිය මිත්‍යාවක් බවයි ඒ මහතා පෙන්වාදෙන්නේ.
මේ අතර විශ්මික දසනායක මහතා පෙන්වාදෙන්නේ නිසි පුහුණුකරුවෙකුගේ මගපෙන්වීම යටතේ කරාතේ ක්‍රීඩාව හැදෑරීමට වයස බාධාවක් නොවන බවයි.
මෙවැනි ක්‍රීඩා ඔස්සේ දරුවෙකු අංගසම්පූර්ණ මිනිසෙකු බවට පත්කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා හුවමාරුවීමත් සමඟ පළවූ විවිධ අදහස් ඔස්සේ තවදුරටත් එය තහවුරු කර තිබෙනවා.
විශ්මික මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ක්‍රීඩාවෙන් දක්ෂයෝ බිහිකිරීම තම එක් අරමුණක් පමණක් වුවත් එහි මූලිකම අරමුණ වන්නේ හොඳ පෞර්ෂයකින් හෙබි රටට බරක් නොමැති මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර අනාගත පරම්පරාවක් බිහි කිරීම බවයි.
පසුගියදා රණාල කණිෂ්ඨ විද්‍යාලයේදී සිසු දරු දැරියන් දැක්වූ එම දක්ෂතාව පහතින්.