Gossips

ඇමතිකම් නැති එජාප මන්ත්‍රිවරුන් දඬුවම් දීමට සැරසේ

ආණ්ඩුවට චෝදනා කරන ඇතැම් අමාත්‍යාංශ ඉහල නිළධාරින් සහ ඊට අනුබල දෙන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි හෙළි කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර හෙක්ටර් අප්පුහාමි ප්‍රකාශ කළා.
ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ රට නිසි මගට ගෙන යාම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරන ඇතැම් පිරිස් විසින් එය කල් දැමීමට කටයුතු කළ බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.