Gossips

ETI තැන්පතුකරුවන් මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

ETI තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයින් අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවී සාකච්ඡාවක නිරතවුණා.
ඒ, රුපියල් බිලියන ගණනක මුල්‍ය වංචාවකට අදාළව චෝදනා එල්ලවී ඇති ETI අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දීපා එදිරිසිංහ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.
ඇය එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා.