Gossips

සූරියවැවදී ඇල්ලු මධුෂ්ගේ සමීපතමයාගෙන් දින 7 ක් ප්‍රශ්න කිරිමට අවසර

පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින හතක් රඳවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අද (12) සැකකරු අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.
මෙම සැකකරුවා පසුගිය 10 වනදායි ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් සිදු කරනවා.
මේ අතර පසුගියදා සුරියවැව බස් නවතුපොලේදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවසන් කටයුතු වලදී සංවිධායකයන් ලෙස කටයුතු කර පුද්ගලයන් බවයි තොරතුරු වාර්තා වන්නේ.