Gossips

හබරාදූවේ විරෝධතාවක් නිසා මාතර – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

හබරාදූව මං සන්ධියේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට අද පෙරවරුවේ මෙම විරෝධතාව ආරම්භ වුණා.
ඒ, විදුහල් නේවාසිකාගාරයේ සිටින විදුහල්පතිනියගේ ස්වාමි පුරුෂයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.