රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම නැවැත්වීමට සහ වැටුප් විෂමතා කඩිනමින් විසදීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් ලබන 25 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට සිදුවන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසනවා.
එහි ලේකම් එස්.ඒ.උදයසිරි මේ බව කියා සිටියේ කොළඹ අද (12) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
ඊට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියේ දුම්රිය සේවයේ පවතින ගැටළු රජය ක්‍රියා නොකරන්නේ නම් තමන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි.