Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ, අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ කූඨ සැලැස්මක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර ජීනිවා වෙත පොරොන්දු වූ ආකාරයට ජිනිවා සමුළුවට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අවධාරණය කළා.