Gossips

ඇමරිකාවේ රජය යළි අක්‍රියවීම වැළකේ

රජයේ වියදම් අනුමත නොවීමෙන් රාජ්‍ය සේවයේ කටයුතු නැවතත් අක්‍රිය වීමේ අවදානමක් වළක්වා ගැනීමට ඇමරිකාවේ පාලක රිපබ්ලිකන් පක්ෂය සහ විපක්ෂ ඩිමොක්‍රටික්වරුන් අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා.
ඇමරිකානු ඉතිහාසයේ එවැනි දීර්ඝතම රජය අක්‍රියවීම අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් පසුගිය මාසයේදී පියවර ගත්තා.
අර්බුදය ඇති වූයේ ජනාධිපතිවරයා ඉල්ලා සිටි පරිදි මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ පවුරක් ඉදිකිරීමට මුදල් ලබාදීම ඇමරිකානු කොංග්‍රසය ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.
කෙසේ නමුත් දෙපාර්ශවයේ මහජන නියෝජිතයන් එවැනි තවත් රජය අක්‍රියවීමක් වළක්වා ගැනීමට ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණි බව වොෂින්ටන් වාර්තා සඳහන් කළා.