Gossips

හාල් මෝල් හිමියන්ගේ ගැටළු අද අමාත්‍ය මණ්ඩලය හමුවට

සුළු හා මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටළු සඳහා විසදුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබදව කැබිනට් පත්‍රිකාවක් අද (12) රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේ දී සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් සමඟ ඊයේ (11) පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු විසදමින් සියළු දෙනාට උපරිම සහන ලබාදීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම දිළිඳු ජනතාව ඇති, හැකි පිරිසක් ලෙස නගා සිටුවීමට ප්‍රමුඛත්වය ලබාදෙමින් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.