Gossips

තරුණයෙක් යටකරලා තුවක්කුව පෙන්නලා ගමටම ගහපු පොලිස් නිලධාරියාට වැඩ වරදියි

මිනුවන්ගොඩ දුනගහ ප්‍රදේශයේදී යතුරුපැදියකින් යමින් සිටි කටුනායක පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු, තවත් යතුරු පැදියක ගැටීමෙන් අනතුරුව පුද්ගලයින් කිහිපදෙනෙකුට පහර දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවයි.
මිනුවන්ගොඩ, දුනුගහ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8.45 ට පමණ සිදුවූ අදාළ අනතුර ඒ අසළ තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.