Gossips

ප්‍රියංකා වීථී බසී

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ සෝනියා ගාන්ධිගේ දියණිය අද උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දැවැන්ත රැළියකට එක්වෙමින් සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළා.
කොංග්‍රස් පක්ෂයේ මහලේකම්වරිය ලෙස පත් කර ඇති ඇය පක්ෂ සභාපති රාහුල් ගාන්ධි සමඟ ඒ සඳහා එක්වූ අතර, ප්‍රියංකාගේ ආගමනය ඇගේ මිත්තණිය වූ ඉන්දිරා ගාන්ධි සිහිපත් කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
මේ වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ප්‍රියංකා සහ රාහුල්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව සඳහන්.