Gossips

තිසර විස්සයි විස්ස මුල් පස් දෙනා අතර

ජාත්‍යන්තර කි්‍රකට් සම්මේලනය නිකුත් කළ නවතම වර්ගීකරණයට අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් පාකිස්තානට හිමි වී තිබෙනවා.
එහි දෙවන ස්ථානය ඉන්දියාවට හිමි වී ඇති අතර, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අභිබවමින් තුන්වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.
පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදව් සමත් වුණා.
එහි ප්‍රමුඛස්ථානය හිමි වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන්ටයි.
විස්සයි විස්ස ජාත්‍යන්තර පිතිකරු සහ පන්දු යවන්නන්ගේ දර්ශකවල පළමු 20 දෙනා අතරට පැමිණීමට එකදු ශ්‍රී ලාංකිකයෙකු හෝ සමත් වී නැහැ.
එහෙත් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර 5 වන ස්ථානය තිසර පෙරේරාට හිමිවී තිබෙනවා.rn