Gossips

10 හැවිරිදි දරුවෙකුට අකාලයේ මරු කැඳවූ, නිවස තුල සැඟව සිටි මාරයා

හලාවත පොලිස් වසමේ ධීවර ගම්මානය, ඉරණවිල ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවෙක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ (26) සවස සිදුවූ මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිල්මික ගීතාංජන නැමති වයස අවුරුදු 10ක දරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
නිවස තුල සිටි අදාල දරුවාට විදුලි සැර වැදී බරපතල තත්වයේ පසුවන අවස්ථාවේ හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෘත ශරීරය මේ වන විට හලාවත රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) දින එම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.