Gossips

එජාපයට නව ආසන සංවිධායකවරුන් 6ක් – රූකාන්ත සහ ලලිත් දිසානායකත් ඒ අතර

එක්සත් ජාතික පක්ෂ අද නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කරනු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පත් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, එක්සත් ජාතික පක්ෂ අරණායක ආසන සංවිධායකවරයා ලෙස පත් කිරීමත් විශේෂත්වයක්.
එක්සත් ජාතික පක්ෂයේ මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනයි.
මහනුවර – පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙස හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලිණ බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.
මීට අමතරව වාරියපොල සහ හිරියාල ආසනවල නව ආසන සංවිධායකවරුන් ද අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතින් අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපි ලබා ගත්තා.