Gossips

ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස්වෙයි

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ඊට අදාළ කමිටුව රැස්වූ බවයි මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක් සිදු කෙරෙන නමුත් ඊයේ ඉරිදා දිනයක් වූ හෙයින් මිල සංශෝධනය අදට කල් දැමුණා.
ඉකුත් 10 වන දා ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට ද මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
එලෙස මිල ගණන් පහත දැමූ අවස්ථාවේදී ලෝක වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 59ක් ලෙසටයි.
එහෙත් පසුගිය කාලයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 64ක් ලෙස සටහන් වුණා.