Gossips

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්

රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් ඇති වී තිබෙනවා.
විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට මෙම පහරදීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ සිසුන්ගේ දෙමව්පියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම දරුවන් රෝහලට ඇතුළත් කිරීමට පවා විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් අවහිර කර ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් විමසීමක් කළා.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළ කිසිදු ගැටුමක් ඇති නොවූ බවයි.