Gossips

සිව්දරු මව්වරුන්ට හංගේරියානු රජයෙන් සහනයක්

දරුවන් 4 දෙනෙකු හෝ ඊට වැඩියෙන් බිහිකරන මව්වරුන් ආදායම් බදුවලින් නිදහස් කිරීමට හංගේරියානු අගමැති වික්ටර් ඕබන් තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනගහන වර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් හංගේරියානු රජය මෙම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම, විවාහක තරුණ යුවලකට ලබාදෙන මිලියන 10 දක්වා වූ ණය මුදල අයකර ගැනීම දරුවන් 3 දෙනෙකු බිහිකිරීමෙන් පසුව අවලංගු කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.
හංගේරියාවේ පසුගිය වසර කිහිපය තුලම ජනගහනය වසරකට 32,000 කින් පමණ අඩු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.