Gossips

සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම කඩිනමින්

ජනපති ට්‍රම්ප් විසින් නියෝග කළ පරිදි සිරියාවෙන් ඇමරිකානු ගොඩබිම් හමුදා ඉවත් කර ගැනීම ඉදිරි සති කිහිපය තුළ ආරම්භ වන බව මැදපෙරදිග ඇමරිකානු හමුදාවල අණ දෙන නිලධාරී ජෙනරාල් ජෝශෆ් වොටෙල් ප්‍රකාශ කළා.
ඇමරිකානු සහය ලබන සටන්කාමීන් ඉරාක දේශසීමාව ආසන්නයේ අයි.එස්. කඳවුරු වෙත අවසන් ප්‍රහාරයක් මේ වන විට දියත් කර තිබෙනවා.
මේ නිසා සිය හමුදා ඉවත් කර ගැනීමේ නිශ්චිත දිනය යුද බිමේ තත්ත්වය මත තීරණය වනු ඇති බවයි ඇමරිකානු හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.
සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගනු ලැබූ තීරණය මතභේදයට ලක්වූ අතර, එරට ආරක්ෂක ලේකම් ජිම් මැතිස් ඉල්ලා අස්වීමට හේතු වූයේ ද එයයි.rn