Gossips

කෂෝගී ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න

කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ
මාධ්‍යාවේදි ජමාල් කෂෝගී ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බව සවුදි විදේ්ශ අමාත්‍ය ඇඩෙල් අල් ජුබෙර් ප්‍රකාශ කළා.
ඒ, එරට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින්.
සවුදි නිලධාරින් පිරිසක් එරට ඉහළ නිලධාරින්ගේ අවසරයක් නොමැතිව මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක පල කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
කෂෝගි ඝාතනයට අදාලව මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 2 වනදා ඉස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලය වෙත ගිය කෂෝගි නැවත ඉන් පිටතට පැමිණියේ නැහැ.