Gossips

දියණියන් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

පුත්තලම – මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සිය දියණින් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් එක් මවකගේ වයස අවුරුදු 40 ක් වන අතර දියණිය 18 හැවිරිදි වියේ පසුවනවා.
මීට පෙර අවස්ථාවකදීද මෙම මව හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන මාස 6 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත මුදාහැර තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී එම ප්‍රදේශයේදීම සයමස් හැවිරිදි තම බිළිඳිය සමඟ හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් ද පුත්තලම දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඡායාරූප – පුත්තලම, ප්‍රියංකර කළුපහන