Gossips

විදුහල්පති විභාගයට පෙනී සිටි, තුන්දෙනෙකු ළඟ ජංගම දුරකථන

විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා ඊයේ පැවති තරග විභාගයට ජංගම දුරකථන සඟවාගෙන ඒ සඳහා පෙනී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ පැවති මධ්‍යස්ථානයේදී විභාගය ආරම්භවීමට සුළු කාලයක් තිබියදී මෙම අපේක්ෂකයින් සතුව තිබූ ජංගම දුරකථන මෙසේ සොයාගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ නිරීක්ෂන කණ්ඩායමට හැකිවුණා.
දිවයින පුරා ඊයේ පැවති මෙම තරග විභාගයට පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි බවයි වාර්තාවන්නේ.
එම අපේක්ෂකයින් පුත්තලම – ෆාතිමා බාලිකා විද්‍යාලයේ ශාලා තුනකදී මෙම තරග විභාගයට පෙනී සිටි අතර, ශ්‍රී ලංකා ගුරු සේවයේ දැනට සේවය කරන ගුරුවර ගුරුවරියන්ට ඒ සඳහා අවස්ථාව හිමිවුණා.
විභාගය පෙරවරු 9 ට ආරම්භවීමට ප්‍රථම සියලූ අපේක්ෂකයින්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම අදාළ නීති රීති සියල්ලම දන්වා සිටි අතර, ජංගම දුරකථන ළඟ තබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණ.