Gossips

ඉන්දීය ධීවරයින් 7ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – කොත්තුතුඩුව මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ඊයේ ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15, 21, 30 සහ 41 යන වයස්වල පසුවන්නන්.
ඔවුන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කින්නියා ප්‍රදේශයේදී ජෙලග්නයිට් කූරු 54 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීම සිදුකරන ධීවරයින් සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය ලබාදීමේ නිරතව සිට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
36 හැවිරිදි සැකකරු කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ත්‍රිකුණාමල දිසා දූෂණ මර්දන ඒකකය වෙත භාරදී තිබෙනවා.