Gossips

තණමල්විල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

තණමල්විල නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වන පුද්ගලයෙකු වන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ සුදුහකුරු සුමිත් හෙවත් වසන්ත නැමැත්තා මීට මාස 4 කට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.