Gossips

නිවාස කඩා භාණ්ඩ සොරකම් කළ සොරාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම

නිවාසවල භාණ්ඩ සොරාගත් පුද්ග‍ලයෙකුට පුද්ගලයින් පිරිසක් එක්ව අපූරු දඬුවමක් ලබාදුන් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා.
යාපනය, කොඩිකාමම්, වරණි ප්‍රදේශයේ නිවාස බිඳ දේපළ සොරකම් කිරීම් වලට සම්බන්ධ පුද්ගලයෙකුටයි ප්‍රදේශවාසීන් මෙලෙස දඬුවම් ලබාදී ඇත්තේ.
අදාල සැකකරු සොරකමක් සිදුකරන අවස්ථාවේ ප්‍රදේශවාසීන් අල්ලාගෙන තිබෙනවා.
අනතුරුව ඔහුට පහරදී "මමයි හොරා " යනුවෙන් සඳහන් කරන ලද පුවරුවක් ගෙලේ එල්ලා ගම්මානය පුරා රැගෙන ගොස් ඇති බව සඳහන්.