වගා ළිඳකට වැටීමෙන් සහ වනයේ අතරමංව සිටි වන අලි පැටවුන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට වන අලි පැටවුන් දෙදෙනා අනුරාධපුර වනජීවි සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයට රැගෙන විත් අතර එහිදී පශු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවයි.
එක් වන අලි පැටවෙකුගේ වයස මාස 3 ක් පමණ වන අතර කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේදී එම අලි පැටවා සොයා ගැනුනා.
මව් ඇතින්න වෙඩි වැදී මියගොස් ඇති අතර අලි පැටවා වනයේ අතරමංව සිටියදීයි සොයාගෙන ඇත්තේ.
අනෙක් අලි පැටවා හමුවී ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටියදීයි.
එම සත්වයාගේ වයස මාස 5 ක් පමණ වනවා.
අලි පැටවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර තවත් දින කිහිපයකින් ඔවුන් උඩවලව ඇත් අතුරු සෙවනට යොමු කිරීමට නියමිතයි.