බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ හි ආදිපාදවරයා සිය රියදුරු බලපත්‍රය පොලීසිය වෙත භාරදී තිබෙනවා.
97 හැවිරිදි පිලිප් කුමරු එම පියවර ගෙන ඇත්තේ ඔහු පැදවූ රථය රිය අනතුරකට ලක්වීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින්.
කෙසේ නමුත් බකිංහැම් මාළිගය ප්‍රකාශ කළේ ඔහු ස්වේච්ඡාවෙන් එම පියවරට එළඹුණු බවයි.
පසුගිය ජනවාරි 17 වනදා ලන්ඩනයේදී ඔහුගේ රථය ළදරුවෙකු ඇතුලූ තුන්දෙනෙකු ගමන් කළ වාහනයක ගැටී 46 හැවිරිදි කාන්තාවක් තුවාල ලැබුවා.
කෙසේ නමුත් එහිදී පිලිප් කුමරුට හානියක් සිදුවූයේ නැහැ.
අනතුරින් පසු ඔහු ආරක්ෂිත බඳ පටි නොමැතිව රිය පැදවීම පිළිබඳව පොලීසිය අවවාදයක්ද සිදුකළා.
සිද්ධිය සම්බන්ධයෙන් පිලිප් කුමරු සිය වරද පිළිගෙන ඇති අතර, අනතුරින් තුවාල ලැබූ කාන්තාව වෙත ඒ පිළිබඳ කණගාටුව පළ කරමින් ලිපියක් යවා ඇත්තේ සිය තනතුරු කිසිවක් නොමැතිව පිලිප් ලෙස අත්සන් කරමින්.
මීට තුන් වසරකට පෙර එවකට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඔහු සහ මිෂෙල් ඔබාමා මෙන්ම මහ රැජිනද රැගත් මෝටර් රථය පදවාගෙන ගියේ පිලිප් කුමරු විසින්.