Gossips

ශ්‍රී පාද වන්දනාවේ යන අතරමග දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

කිතුල්ගල කළුකොහුතැන්න ප්‍රදේශයෙන් කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
ඊයේ දහවල් ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පිරිසක් අතරින් දිය නාමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නාවික හමුදාව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.