Gossips

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අද IMF ප්‍රධානියා හමුවේ

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඞ් අද ඩුබායි හිදී හමුවනවා.
ඔවුන් අතර සාකච්ඡාවලදී පාකිස්ථානයට මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇති.
ජංගම ගිණුම් ශේෂය පිරිහීම නිසා ආර්ථික අර්බුදයකට මුහුණදෙන පාකිස්ථානය අයි.එම්.එෆ්. වෙතින් නව මූල්‍ය පහසුකමක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.
කෙසේ නමුත් මූල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් ඒ සඳහා මෙතෙක් එකඟත්වයක් ඇතිවූයේ නැහැ.
අයි.එම්.එෆ්. දැඩි කොන්දේසි තම රටේ ආර්ථික වර්ධන වේගය අඩාල කරනු ඇති බව අගමැති ඉම්රාන් ඛාන්ගේ අදහසයි.