Gossips

සේනා ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමක් අද

සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුවූ අස්වනු හානි පිළිබදව ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහි සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග කියා සිටියේ ඉදිරියේදී යල කන්නයේ සිදුකරනු ලබන වගා කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
ඒ අනුව, අද පෙරවරු 9.30 ට ගන්නොරුවේ පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයේදී අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ සදහා දිවයිනේ සියලූ පළාත් ආවරණය වන පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂවරුන් සහභාගි වනු ඇති.
සේනා දළඹු හානිය මේ වනවිට බොහෝදුරට අවම වී තිබුණද, යල කන්නයේදී නැවතත්, සේනා දළඹු ගහනය වැඩිවීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර සේනා දළඹු උවදුර මෙරට බඩඉරිඟු වගාවෙන් සියයට 50 කට බලපා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලින් හෙළිදරව් වනවා.
පසුගිය දෙසැම්බරය වනවිට බඩඉරිඟු වගාකළ හෙක්ටයාර 74,424 ක් අතුරෙන් හෙක්ටයාර 41,828 කට සේනා දළඹු උවදුර බලපා තිබෙනවා.
මේ නිසා බඩඉරිඟු ඵලදාව මෙටි‍්‍රක් ටොන් 71,426 කින් අඩුවනු ඇති බවයි ගණනය කර ඇත්තේ.