Gossips

හිම වළසුන් රුසියාව ආක්‍රමණය කරයි

ආක්ටික් ධ‍්‍රැවය ආසන්නයේ පිහිටි රුසියානු දිවයින් පෙළ හිම වළසුන් ආක්‍රමණය කිරීම නිසා එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊසානදිග රුසියාවේ නොවායා සෙම්ල්යා දිවයින් පෙළට මෙලෙස ඇතුලූවූ ප්‍රචන්ඩ හිම වළසුන් නිවෙස් සහ පොදු ගොඩනැගිලිවල සැරිසැරීම නිසා ඇතිවී තිබෙන්නේ අනපේක්ෂිත තත්ත්වයක්.
රුසියානු බලධාරීන් හිම වළසුන්ට වෙඩි තැබීම මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති නමුදු තත්ත්වය දරුණු අතට හැරුණහොත් ඒ සඳහා පියවර ගැනීමට සිදුවනු ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.
හිම වළසුන් මෙලෙස ගොඩබිම් ප්‍රදේශ වෙත පැමිණීමට හේතුවී ඇත්තේ ගෝලීය උණුසුම නිසා ආක්ටික් ධ‍්‍රැවයේ හිම දියවීම හේතුවෙන්.
හිම වළසුන් මිහිපිටින් තුරන්වන සත්ව විශේෂයක් ලෙස හඳුන්වා ඇති අතර, එම සත්වයන් දඩයම් කිරීම තහනම් වනවා.