20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වුවහොත් තවත් බලවේග සමඟ එක්ව ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, මැදවච්චියේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.