Gossips

CIA අනාවරණයෙන් පසු මැණික් ජාවාරමට තිත

සබරගමුව මහ සමන්දේවාල භූමියට බලපෑම් එල්ලවන පරිදි සිදුකළ නීති විරෝධී පතල් ජාවාරම් පිළිබඳ හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු එම ජාවාරම්වලට එරෙහිව ක්‍රියාත්මකවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින්ගේ දෑස් විවර වී තිබෙනවා.
කළු ගඟ මුළුමනින්ම අවහිර වන පරිදි වැට කඩොළු ඉදිකර මැණික් ගැරූ නීති විරෝධී පතල්කරුවන්ගේ ඉදිකිරීම් අප ප්‍රවෘත්තිය විකාශය වීමෙන් පසු ඉවත් කිරීමටයි අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබුණේ.
හිරු සී.අයි.ඒ. වෙත පසුගිය 26 වැනිදා අදහස් දැක්වු සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පවසා සිටියේ පුරා විද්‍යා කලාපයක්වන මෙම ඓතිහාසික භූමියට දැඩි බලපෑම් එල්ල වන ලෙස මහා පරිමාන පතල් ජාවාරමක් ක්‍රියාත්මක බවයි.
පසුගිය කාලය පුරා වගකිව යුතු සියළු බලධාරීන් දැනුවත් කලත් මේ ජාවාරම් මැඩලීමට පියවරක් ගෙන තිබුනේ නැහැ.
ඒ හේතුවෙන් ඓතිහාසික මහ සමන් දේවාලය භූමිය අසල හා රත්නපුර නව නගරයේ සිට මුද්දුව, හකමුව ආදී ගම්මානවලට ගමන් ගන්නා පාලම අසල කලක පටන් සිදුවන මෙම නීති විරෝධී ක්‍රියාවන් හිරු සීගඅයිගඒග අනාවරණය කළා.
අප අනාවරණයෙන් පසු මුළු කළු ගගම අවහිර වන පරිදි මෙලෙස වැට කඩොළු යොදමින් නීති විරෝධීව සිදුකළ පතල් ජාවාරම්කරුවන්ගේ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගැනුනා.
ඒ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.
මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළ සැනින් කළු ගඟ වනසමින් මැණික් සොයනා ජාවාරම්කරුවන් පැහැදිලිව දැක ගත හැකිව තිබුනා.
එහෙත් හිරු සීගඅයිගඒගතුලින් මෙම ජාවාරම් හෙළි කරනා තුරු මෙරට වගකිව යුතු බලධාරීන් ඊට නිසි පියවරක් ගත්තේ නැහැ.
දැන් නිදි ගැට හැර පියා අවධි වු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කළු ගග වනසමින් ජාවාරම්කරුවන් සොයා ඉදිරියේදීත් නීතිය ක්‍රියාත්මක කරන්නේ දැයි හිරු සී.අයි.ඒ. අවධානයෙන්.