Gossips

ඇඟළුම් කම්හලකින් රෙදි සොරකම් කළ 6 ක් කොටුවෙයි

රන්න ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟළුම් කම්හලකින් දීර්ඝ කාලයක් පුරා රෙදි සොරකම් කිරීමේ නිරතවු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 10 කට අධික රෙදි තොගයක් ද හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇඟළුම් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා හුංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශණ ආරම්භ කර ඇති අතර ඒ අනුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේදීයි.
එම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
සැකකරුවන් අතර අදාළ ඇඟළුම් කම්හලේ ගබඩා අංශයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු මෙන්ම සහකාර නිලධාරියෙකු ද වනවා.
එම ඇඟළුම් කම්හලේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත්වු පිරිසට අයත්.
සැකකරුවන් අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර හුංගම පොලිසිය විමර්ශණ සිදු කරනවා.