Gossips

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති කියයි

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බවයි අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ.
ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පෙන්වා දුන්නා.
රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් ගතවු වසර 4 ක කාලය තුල ජනාධිපතිවරයා ලෙසට තමා කටයුතු කළ බව ද ඔහු සඳහන් කළා.
වර්තමානයේ ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.
ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කර ඇති අතර එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.