Gossips

සේනා වගා වන්දි එකවර

සේනා දළඹු වගා හානි සඳහා වන්දි ලබාදීම සමස්තයක් ලෙස එකවර සිදුකිරීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් ප්‍රකාශ කළා.
ඒ, හිරු ප්‍රවෘත්ති අංශය සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදියි.
එමෙන්ම සේනා දළඹුවාගෙන් සිදුවන වගා හානි මේ වන විට අවම වී ඇති බව ප්‍රකාශ කළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බඩඉරිඟු වගා කිරීම ලබන අප්‍රේල් මාසය තෙක් සිදුනොකරන ලෙසට මේ වන විටත් ගොවීන් දැනුවත් කර ඇති බවයි.