Gossips

2014 දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් ඇති වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියයි

2014 වසරේ ඉන්දීය ආණ්ඩු පෙරළියත් සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් සිදුවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
එහිදී රජයන් දෙක අතර ක්‍රියාකාරී සබඳතා වෙනස් වූ බවත්, සන්නිවේදනය අවම වීම නිසා අනවබෝධයක් ඇති වූ බවත් බැංගලෝරයේ අද ආරම්භ වූ සමුළුවක් අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියා.
හින්දු පුවත්පත විසින් සංවිධාන කර තිබූ මෙම සංවාද මණ්ඩපයේ සමාරම්භක දේශනය පැවැත්වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින්.
1980 දශකයේදී ද දෙරට අතර මතභේදකාරී වාතාවරණයක් පැන නැගුණු බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කුරිරු ත්‍රස්තවාදය දෙරටටම බලපෑ අතර, අතීතයේ වැරදිවලින් පාඩම් උගෙන ඉදිරියට යා යුතු බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ.