Gossips

සබරගමුවට සහ මධ්‍යමට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි

පවතින වැසි තත්ත්වයේ අද සිට වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.