Gossips

ට්‍රම්ප්ට සුබවාදී ෆෙන්ෂුයි අනාවැකියක්

චීන ලූනා නව වසර එළඹීමත් සමඟ ඉදිරි වසර තුළ ලෝකයේ පැවැත්ම පිළිබඳ චීන ෆෙන්ෂුයි අනාවැකිකරුවන් මත පළ කිරීම ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරියේදී සුබවාදී කාලයක් එළඹිය හැකි බවයි.
විශේෂයෙන් 2020 වසරේ ට්‍රම්ප් යළි මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුට සුබවාදී ජලය සහ රන්වලට වෙන් වූ වසරේදී බව එක් අනාවැකිකරුවෙකු සඳහන් කළා.
පසුගිය වසර ඔහුට අසුබවාදී වුවත් ඉදිරියේදී සියල්ල වෙනස් විය හැකි බව රේමන්ඩ් ලෝ නැමැති ෆෙන්ෂුයි අනාවැකිකරු හොංකොං හි සිට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මීට පෙර 2011 වසරේදී ඔසාමා බිල් ලාඩ්න් ඝාතනය වන බව කලින් නිවැරදිව ප්‍රකාශ කළ අයෙක්.
කෙසේ නමුත්, චීන සූකර වසරේ අසුබවාදී මාසය වන මාර්තුවේ ට්‍රම්ට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් විය හැකි බව එක් ෆෙන්ෂුයි අනාවැකිකරුවෙකු ප්‍රකාශ කළා.