Gossips

දොම්පේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

දොම්පේ – වානලූවාව – උතුර ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අඹු – සැමි යුවලක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම වෙඩි වැදීම සිදුවී ඇති අතර, වෙඩි තැබූ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව ද දොම්පේ පොලීසිය සඳහන් කළා.